කොළඹ සහ ගම්පහ යළි හුදෙකලා කරන හා හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න..

කොළඹ සහ ගම්පහ යළි හුදෙකලා කරන හා හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න..

කොළඹ සහ ගම්පහ යළි හුදෙකලා කරන හා හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න..

කර්තෘ Chathurika Jayasundara

20 Dec, 2020 | 7:47 pm

Colombo (News1st) යළි හුදෙකලා(Lockdown) කරන ප්‍රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පහත දැක්වෙන පරිදි හුදෙකලා බව පවත්වාගෙන යන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

📌කොළඹ දිස්ත්‍රික්කය

01. හෙට ( 21) උදෑසන 5.00 සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ

🔺වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම
🔺වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර

තවදුරටත් හුදෙකලා බව පවතින ප්‍රදේශ

🔺මෝදර පොලිස් වසම
🔺කොටහේන පොලිස් වසම
🔺ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම
🔺ආඳුරුප්පුවීදිය පොලිස් වසම
🔺වේල්ලවීදිය පොලිස් වසම
🔺කෙසෙල්වත්ත පොලිස් වසම
🔺මාළිගාවත්ත පොලිස් වසම
🔺දෙමටගොඩ පොලිස් වසම
🔺මරදාන පොලිස් වසම
🔺කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
🔺බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
🔺වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
🔺මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස
🔺කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
🔺කුරුඳුවත්ත ‌පොලිස් වසමේ 60 වත්ත
🔺වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
🔺වැල්ලවත්ත පොලිස් වසමේ නසීර්වත්ත
🔺මිරිහාන පොලිස් වසමේ දෙමළවත්ත

📌 ගම්පහ දිස්ත්‍රික්කය

02. හෙට ( 21) උදෑසන 5.00 සිට හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ

📌වත්තල පොලිස් වසමේ –

🔺කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව පෙදෙස

📌පෑලියගොඩ පොලිස් වසමේ –

🔺 ගඟබඩ ග්‍රාම නිලධාරී වසම

📌කිරිබත්ගොඩ පොලිස් වසමේ –

🔺විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ මෙසේය.

📌වත්තල පොලිස් වසමේ –

🔺වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවේ වත්ත ප්‍රදේශය

📌පෑලියගොඩ පොලිස් වසමේ –

🔺පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම
🔺මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම
🔺පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ රෝහණ විහාර මාවත

📌කිරිබත්ගොඩ පොලිස් වසමේ –

🔺හුණුපිටිය උතුර පාර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය

📌මීගමුව පොලිස් වසමේ –

තල්දූව ග්‍රාම නිලධාරී වසමේ MC නිවාස යෝජනා ක්‍රමය

📌නිට්ටඹුව පොලිස් වසමේ –

🔺තිහාරිය උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමවල වාරණ පංසල පාර
🔺කන්තොට පාර
🔺හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශය

📌වේයන්ගොඩ පොලිස් වසමේ –

🔺හිරිපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ නිදහස් මාවත

📌පූගොඩ පොලිස් වසමේ –

🔺කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම

03. හෙට ( 21) උදෑසන 5.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍රදේශ

📌පෑලියගොඩ පොලිස් වසමේ –

🔺 පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිවත්ත සහ පූරණ කොටුවත්ත

📌කිරිබත්ගොඩ පොලිස් වසමේ –

🔺 විලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෙසු දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති ප්‍රදේශ පිළිබඳව නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවතින බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]