රොහාගේ සමීපතමයින් දෙදෙනෙක් STF දැලේ..

රත්මලානේ රොහාගේ සමීපතමයින් දෙදෙනෙක් ඇතුළු 6ක් වස්කඩුවේදී STF අත්අඩංගුවට

by Staff writer 19-12-2020 | 8:33 AM

COLOMBO (News 1st) - ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ 'රත්මලානේ රොහා' නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කළුතර, වස්කඩුව ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර පොලිස් ස්ථානයට භාර දී තිබේ.