වැඩිහිටි නිවාසයක 42කට කොරෝනා

මෝදර වැඩිහිටි නිවාසයක 42කට කොරෝනා

by Staff writer 19-12-2020 | 5:19 PM

COLOMBO (News1st)  - මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හතලිස් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. රෝග ලක්ෂණ පහළ වූ කිහිප දෙනෙකු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.