බස්නාහිර පාසල් විවෘත කරන්නේ කවදා ද?

බස්නාහිර පාසල් විවෘත කරන්නේ කවදා ද?

by Staff writer 19-12-2020 | 1:29 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා (21) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ඒ සම්බන්ධ තීරණය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා විසින් ප්‍රකාශ කරනු ඇති බවයි. කොරෝනා මර්දනයත් සමග බස්නාහිර පළාතේ පාසල් විවෘත කර පවත්වාගෙන යන ආකාරය පිළිබඳ මේ දිනවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා පවත්වන බව ද ලේකම්වරයා පැවසුවේ ය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කොට්ඨාස අධ්‍යාපන අධක්ෂවරුන් සමග එම ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද සාකච්ජා කර තොරතුර ලබා ගෙන තිබේ. ඒ අනුව බස්නාහිර පාසල් තවදුරටත් වසා තබනවා ද? නැද් ද? යන්න තීරණය සඳුදා දින ප්‍රකාශ කර බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ ය. මේ අතර සෙසු පළාත්වල 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති ක්‍රියාත්මක පාසල් මේ වනවිට විවෘත කර තිබේ. එහෙත් කොරෝනා ව්‍යාප්තියත් සමග එලෙස විවෘත කළ ප්‍රදේශ කිහිපයක පාසල් යළි වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේ ය.