දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකියි, සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් පිළිපදින්න..!

by Staff writer 19-12-2020 | 1:53 PM

COLOMBO (News 1st) - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කොරෝනා තිබිය හැකි බැවින් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතයින් 660 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. තවත් කොරෝනා ආසාදිතයින් 708 දෙනෙකුට ඊයේ සුවය ලැබිණි. ඒ සමග මෙරට කොරෝනා රෝගයෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දක්වෙන්නේ 27,061ක් ලෙසය. මේ වනවිට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8828 කි. ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වීමත් සමග කොරෝනා වැළදීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 165 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.