ගෙවුණු දින 17 තුළ සිරකරුවන් 7479ක් නිදහස්..

ගෙවුණු දින 17 තුළ බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් 7479ක් නිදහස්..

by Staff writer 19-12-2020 | 4:31 PM

COLOMBO (News 1st) - පසුගිය දින 17 තුළ පමණක් බන්ධනාගාර සිරකරුවන් හා සැකකරුවන් 7479 දෙනෙකු මුදා හැර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් 6915ක් සැකකරුවන් බවයි. සෙසු පිරිස සිර දඬුවම් ලබමින් සිටි අය බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. නිදහස හා ඇප ලබා දුන් පිරිස අතර කාන්තාවන් 168 දෙනෙකු ද වේ. බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මෙම මුදහැරීම සිදුකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මේ අතර තවත් බන්ධනාගාර රැඳවියන් 74 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු විය. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3372 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වූ රැඳවියන් 1772ක් සහ නිලධාරීන් 73 දෙනෙකු සුවය ලබා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.