by Staff writer 19-12-2020 | 6:23 PM
COLOMBO (News 1st): ගන්දර පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ සිටි සැකකරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු, මාතර රෝහලට ඇතුලත් කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලීසියේ සැරයන්වකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.