by Staff writer 19-12-2020 | 6:06 PM
COLOMBO (News 1st): ෆයිසර් - බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි.
අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලන නිලධාරීන් සඳහන් කළේ, අමෙරිකාව තුළ ෆයිසර් - බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් 5 දෙනෙකු වාර්තා වූ බවය.
අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය සදහන් කළේය.
මේ අතර දෙවන කොරෝනා මර්දන එන්නත ලෙස Moderna එන්නත භාවිතයට අමෙරිකානු රජයේ අනුමැතිය ලබා දී තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.