by Staff writer 19-12-2020 | 9:02 PM
COLOMBO (News 1st) - අදානි සමූහ ව්‍යාපාරය වැනි මහාපරිමාණ ව්‍යාපාරිකයින්ට තම ගොවි බිම් ගොඳුරක් බවට පත්වීම වැළැක්වීම පිණිස ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ලක්ෂ ගණනක් ගොවි ජනතාව අද 24 වන දිනටත් විරෝධතාවල නිරත වේ.
මේ වනවිට විරෝධතාවලට සහභාගීවන අතරතුර මිය ගිය පිරිස 25කට අධිකය.
ගොවි විරෝධතා හේතුවෙන් දිල්ලි-ජායිපූර් අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු අද 6 වන දිනටත් අඩාල විය.
දහස් සංඛ්‍යාත ගොවීන් , මාර්ග අවහිර කර මෙම විරෝධතාවල නිරත වන්නේ, ගොවි නීති සංශෝධනයට රජය ගෙන ඇති තීරණය විවේචනය කරමිනි.
රාජස්ථාන්, හර්යානා, පන්ජාබ්, මහරාෂ්ට, ගුජරාට් සහ තමිල්නාඩු ඇතුළු ප්‍රාන්ත රැසකමේ විරෝධතාව ව්‍යාප්ති වී අවසන්ය.
ගොවි ජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන දැඩි විරෝධය මධ්‍යයේ ගැටලුවලට විසදුම් ලබා දෙන බවට ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය නරේන්ද්‍ර සිං ටොමාර් පොරොන්දු විය.
ඔහු සඳහන් කළේ, එළඹෙන නව වසරට පෙර ගොවි ගැටලුවලට සහ ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි.
තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය වන ඩී.එම්.කේ. පක්ෂය ගොවි ජනතාව සමග උපවාසයක් ද ආරම්භ කළේය.
විපක්ෂ නායක එම්.කේ. ස්ටාලීන් ප්‍රකාශ කළේ ඉන්දීය රජය ජනතා විරෝධි පනත් සම්මත කරන බවයි.
දිල්ලි-ජායිපූර් අධිවේගී මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයේ නිරත වන ගොවීන් අම්බානි සහ අදානි සමූහ ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා වර්ජනයට ද ජනතාව පොළඹවමින් සිටී.
භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු මෙන් හිටපු අමාත්‍යවරයෙකු ද වන බිරේන්ද්‍ර සිං ඉන්දීය ගොවිජනතාවට සහාය පළ කිරීමට අද එක්වුණේ මෙවන් පසුබිමකදීය.