by Staff writer 19-12-2020 | 11:54 AM
COLOMBO (News 1st) - බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් වඩාත් සමීපව පිහිටන දුර්ලභ සිදුවීමක් ලබන 21 වැනි දා ශ්‍රී ලාංකිකයින්ට දැක ගැනීමට අවකාශ සැලසෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි.
ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රකාශ කළේ, මෙවැනි ග්‍රහ පිහිටීමක් සිදුවන්නේ වසර 397 කට පසුව බවය.
ලබන 21 වැනි දා රාත්‍රී 6.45 ත් රාත්‍රී 8.20 අතර කාලයේ බටහිර ක්ෂිතජයට ඉහළින් මෙම අපූර්ව ග්‍රහ පිහිටීම දැක ගත හැකි බව පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා ප්‍රකාශ කළේය.