ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු දිනකට සංචාරකයින් 300 ක් ගෙන්වන්න අවසර

කර්තෘ Staff writer

19 Dec, 2020 | 1:46 pm

COLOMBO (News 1st) – ලබන 26 වැනි දා සිට දෛනිකව විදේශීය සංචාරකයින් 300 ක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ඊයේ දිනයේ කොවිඩ් රෝග මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග සාකච්ජා කළ බවය.

එහිදී උපදෙස් දී ඇත්තේ දිවයිනට පැමිණෙන සංචාරකයින්ට පී.සී.ආර් පරීක්ෂණ 2 ක් සිදුකර දින 14 ක් නිරෝධායනයෙන් පසු සීමිත සංචාරක කලාපයක් තුළ සංචරණයට පහසුකම් සැලසීමටයි.

අදාළ දින 14ක කාලය හෝටල් තුළදී ගත කිරීමට පහසුකම් සලසන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

විදේශ සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ පෞද්ගලික අංශයේ ප්‍රමිතගත රෝහල් හරහා සිදු කෙරෙනු ඇති.

වැඩපිළිවෙල යටතේ ලොව ඕනෑම රටක සංචාරකයින්ට රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණිය හැකි බව ද ඔහු පැවසුවේ ය.

විදේශීය සංචාරකයින් සඳහා ලබන 26 වැනි දා සිට කටුනායක ගුවන්තොටුපොළ විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් රුසියානු හා යුක්‍රේන සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බව ද සංචාරක සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]