ගාල්ල පාසල් තවදුරටත් වැසෙයි

ගාල්ල පාසල් තවදුරටත් වැසෙයි

by Staff writer 19-12-2020 | 6:57 AM

COLOMBO (News 1st) - ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

ඒ, දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණිනි. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවය. එම පාසල් මීට පෙර ඊයේ දිනය දක්වා වසා දමා තිබුණි.