කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

19 Dec, 2020 | 7:10 am

COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 01, කොළඹ 02 , කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්අහිටුවනු ඇති.

එම කාලය තුළ කොළඹ 03, කොළඹ 04, කොළඹ 07 සහ 08 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජලය බෙදා හැරෙන නළ මාර්ගවල වැඩි දියුණු කිරීමක් සහ අංගොඩ ප්‍රදේශයේ ජල නළ මාර්ගයක අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]