by Staff writer 18-12-2020 | 10:17 PM
News 1st - තම ගොවි බිම් අදානි සමූහ ව්‍යාපාරය වැනි මහා පරිමාණ ව්‍යාපාරවලට ගොඳුරක් වීමටත් තමන්ගේ කෘෂි ද්‍රව්‍යවල මිල පාලනය තුළින් ක්‍රමිකව ගොවි ජනතාව මහා පරිමාණ සමාගම්වල වහලුන් බවට පත්වන බවටත් ඉඩ කඩ සලසන නව නීති සංශෝධන වහා හකුලාගන්නැයි ඉල්ලමින් 23 වැනි දිනටත් අද ඉන්දීය ගොවීන් විරෝධතාවයේ නිරත විය.
ඒ අතරම අම්බානි සහ අදානි වැනි සමූහ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට විරෝධය පළ කරමින් අදාළ සමාගම්වල භාණ්ඩ හා සේවාවන් වර්ජනය කිරීමට ගොවීන් පෙළඹීම ද ඉන්දීය දේශපාලන ලෝකයේ සංවාදයට ලක්ව තිබේ.
ඉන්දියානු කෘෂිකර්ම අමාත්‍යවරයා, අම්බානී සහ අදානී සමූහ සමාගම්වල නිෂ්පාදන වර්ජනය කිරීමට ගෙන යන ව්‍යාපරය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, ඉන්දියාව දියුණු වෙමින් පවතින අවස්ථාවක මෙවැනි ව්‍යාපාර පසුපස සිටින පුද්ගලයින්ගේ පරමාර්ථය ගැන සොයා බැලිය යුතු බවයි.
ඩී.එම්.කේ. පක්ෂය මූලික තමිල්නාඩු ප්‍රාන්තයේ විපක්ෂය ද උද්ඝෝෂණයේ නිරත ගොවි ජනතාවට සහය පළ කරමින් දිනක උපවාසයක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රශ්නගත නීතින්ට එරෙහිව විශාල උද්ඝෝෂණ පුන්ජාබ් හර්යානා බටහිර උත්තර ප්‍රදේශ් උත්තර ප්‍රදේශ්, කර්නාටකා, තමිල්නාඩු, කේරල, සහ තවත් ප්‍රාන්ත විශාල ප්‍රමාණයක පැවත්විය.
මෙම උද්ඝෝෂණ හේතුවෙන් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ දුම්රිය සේවා මාස දෙකක් මුළුල්ලෙහි අත්හිටුවිය.
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, වෙනත් රජයන්ට සිදු කිරීමට නොහැකි වූ ප්‍රතිසංස්කරණ තමා සිදු කළ නිසා මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි.