රන්ජන්ගේ නඩුව කල් යයි

by Staff writer 18-12-2020 | 4:21 PM

COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජනවාරි 12 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබේ.

ඒ, විජිත් මලල්ගොඩ, මූර්දූ ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳ වූ අවස්ථාවේදීය. නඩුවේ සාක්ෂි විභාගය මේ වනවිට අවසන් කර ඇති අතර එහිදී අනාවරණ වූ කරුණු පැහැදිලි කිරීම කර ගැනීම සඳහා අද නඩුව කැඳවා තිබුණි. විනිසුරු මඩුල්ල නියෝග කළේ, කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ලබන ජනවාරි 12 වැනි දා යළි කැඳවීමටයි. 2017 අගෝස්තු 21 වැනි දා අරලියගහ මන්දිරය අසළදී මාධ්‍යවෙත ලබාදුන් ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා මහතා සහ පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ගොනු කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩුව පවරා තිබුණි.