මාවනැල්ලේ වැටලූ මහ පරිමාණ මත්පැන් ජාවාරම..

by Staff writer 18-12-2020 | 5:24 PM

COLOMBO (News 1st) - මාවනැල්ල, කෝන්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට අද පොලීසිය සමත් විය.

මෙම වැටලීම සිදු කළේ, මාවනැල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි. වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 12,000 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙන අතර මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත් සැකකරු හෙට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.