by Sagarika Chathumali 18-12-2020 | 3:21 PM
COLOMBO (News 1st) : හෙට (19) උදෑසන 9 සිට පැය 18ක කාලයක් කොළඹ 01, 02, 10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ඊට අමතරව කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජලය බෙදා හැරෙන නළ මාර්ගයේ වැඩිදියුණු කිරීමක් සහ අංගොඩ ප්‍රදේශයේ සම්ප්‍රේෂණ නළ මාර්ගයක අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ.