by Staff writer 17-12-2020 | 6:33 AM
COLOMBO (News 1st) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර තිබේ.
ඒ අනුව වසර 5 ක් සඳහා යෝජිත අමෙරිකානු ඩොලර් මිලියන 480ක අධාර අවලංගු වනු ඇති.
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගම සඳහන් කළේ, දෙසැම්බර් 15 වැනි දා MCC අධ්‍යක්ෂ මණ්ඩලය එම තීරණයට එළැඹි බවයි.
එහිදී නව රටවල් කිහිපයක් අධාර ප්‍රදානය සඳහා තෝරාගෙන ඇති බව ද සඳහන් ය.