by Staff writer 17-12-2020 | 2:24 PM
COLOMBO (News1st) : රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත දත්ත යළි බාගත කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වෝහාරික විශ්ලේෂණයේදී අනාවරණය වී තිබේ.
සාක්ෂි ලබාදෙමින් අදාළ වෝහාරික විශ්ලේෂණය සිදු කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් කුමාර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සඳහන් කළේ , සිදුකෙරෙන විමර්ශනයට අදාළ දත්ත එම දුරකතනයේ ඇත්දැයි පරික්ෂා කරන ලෙස දැන්වුවද දුරකතනය Factory Reset කර තිබීම තුළින් දත්ත ලබාගැනිමට බාධා එල්ල වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පෙර භාවිත කරන ලද ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකයේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් තොරතුරු ඇත්දැයි පරික්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම මීට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණ.
සාක්ෂිකරු පැවසුවේ, එම නියෝගය අනුව නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් මෙම වෝහාරික පරික්ෂාව කළ බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකතනය වෝහාරික විශ්ලේෂණයක් සිදු කිරීමට තමාගේ අතට පත්වන විටත් Factory Reset කිරීමකට ලක්කර තිබු බව එහිදි කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ය.
ඒ අනුව එහි ඇතුළත් දත්ත සහ තොරතුරු නැවත ලබාගත නොහැකි අන්දමට විනාශ කර තිබු බව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අනාවරණය කළේ ය.
https://www.youtube.com/watch?v=jl5QROVYV7k&feature=youtu.be