by Chathurika Jayasundara 17-12-2020 | 5:24 PM
COLOMBO (News 1st) : සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනෙකු පසුගියදා ( 15) අත්අඩංගුවට පත්විය.
2015-2019 කාල සීමාවේ සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබිණි.