පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක්

පොදු ප්‍රවාහනයේදී නිරෝධායන නීති කඩ කරන්නන් සම්බන්ධයෙන් ගන්නා තීරණ ඇතුළත් චක්‍රලේඛයක්

by Staff writer 17-12-2020 | 5:03 PM

COLOMBO (News 1st) : පොදු ප්‍රවාහන සේවාවලදී නිරෝධායන නීති කඩ කරන්නන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍ර ලේඛයක් පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කරනු ලැබ තිබේ.

ඒ , පොදු ප්‍රවාහනයේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ ප්‍රකාරවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊට පටහැනිව ක්‍රියා කරන්නේ නම් එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීමක් වන බවයි.