තවත් ලෝක නායකයෙකුට කොරෝනා

තවත් ලෝක නායකයෙකුට කොරෝනා වැළඳෙයි

by Sagarika Chathumali 17-12-2020 | 3:55 PM

COLOMBO (News 1st) : ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප්‍රංශ බලධාරීන් උපුටා දක්වින්  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී  42 හැවිරිදි  ජනාධිපතිවරයාට වෙවරසය ආසාදනය වී ඇති බව තහවුරු වූූ බවයි. ඒ අනුව ජනාධිපතිවරයා දින 7ක් හුදකලාව සිටිනු ඇති. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හුදකලාව සිට සිය රාජකාරි කටයුතු මෙහෙයවනු ඇතැයි, ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මේ අතර කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවීමත් සමග මෙම සතියේ සිට ප්‍රංශය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ද පසුගියදා බලධාරීහු තීරණය කළහ. මේ වනවිට ප්‍රංශයෙන් නව කොරෝනා ආසාදිතයින් 2,409,06 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් නව දහසකට අධික ය.