නව මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වෙයි

ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම ගැන අද මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවට

by Staff writer 17-12-2020 | 7:39 AM

COLOMBO (News 1st) - ජාතික මැතිවරණ කොමිසම පළමු වරට අද රැස්වේ.

ඒ, පසුගිය දා එම කොමිසමේ සමාජිකයින් වැඩ භාර ගැනීමෙන් අනතුරුවයි. අද පැවැත්වෙන රැස්වීමේදී කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. ලබන වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනයේදී සාකච්ඡාවට ලක් කරන බව ඔහු පැවසුවේ ය. මීට අමතරව මැතිවරණවලදී පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම, විදේශගතව සිටින පුද්ගලයින්ට ඡන්ද අයිතිය ලබාදීම මෙන්ම මැතිවරණ වියදම් පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නීති පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳව ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී කරුණු සමාලෝචනය කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.