by Sagarika Chathumali 17-12-2020 | 2:02 PM
COLOMBO (News 1st) : චීනයෙන් ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු අඩංගු කන්ටේනර් 48 ක් යළි චීනය වෙත ප්‍රතිනැව්ගත කිරීම අද ආරම්භ කෙරිණ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, එම කන්ටේනර්වල ටින් මාළු මෙට්‍රික් ටොන් 768 ගබඩා කර ඇති බවයි.
එහි වටිනාකම රුපියල් මිලියන 384 කට අධික බව ද ඔහු පැවසී ය.
සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ, මෙම ටින් මාළුවල මිනිස් සිරුරට අහිතකර ආසනික් අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කළ පරීක්ෂණවලදී තහවුරු වූ බවයි.