by Staff writer 17-12-2020 | 3:28 PM
COLOMBO (News 1st): කොවිඩ් 19 වෛරසයේ මූලාරම්භය සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් පිරිසක් චීනයේ වූහාන් වෙත පිටත්ව යාමට සූදානම් වේ.
එම සංවිධානය පැවසුවේ, ලබන මාසයේ ජාත්‍යන්තර විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් චීනයේ වූහාන් වෙත පිටත් වනු ඇති බවයි.
ස්වාධීන පරීක්ෂණයක් කිරීමට සහ වූහාන් නගරයට ප්‍රවේශවීම සම්බන්ධයෙන් නිෂ්චිත පිළිතුරක් ලබාදීමට චීනය අසමත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
වෛරස් ව්‍යාප්තියට හේතුව චීනය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද චීනයට චෝදනා කළේ, එය සැඟවීමට චීනය පියවර ගන්නා බව ද පවසමිනි.