කොරෝනා ආසාදිත මවකට සිව් නිවුන් දරු උපතක්

කොරෝනා ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහි කරයි

by Staff writer 17-12-2020 | 1:20 PM

COLOMBO (News 1st) -  කොවිඩ් ආසාදිත මවක් ද සොයිසා කාන්තා රෝහලේදී අද සිව්නිවුන් දරුවන් බිහි කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළේ, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් එම දරුවන් බිහිකළ බවයි. ඇයගේ පළමු දරු ප්‍රසුතිය මෙය වන අතර සිසේරියන් සැත්කමක් මාර්ගයෙන් දරුවන් උපත ලැබීමෙන් අනතුරුව මේ වනවිට නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි. දරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගැහැනු දරුවන් ය. අධ්‍යක්ෂවරිය පැවසුවේ, මීට සතියකට පමණ ඉහතදී එම කාන්තාව රෝහල්ගතවීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වුව ද සිව්නිවුන් දරුවන් ප්‍රසුතියකට ඇය සුදානමින් සිටි බැවින් ආරක්ෂිතව ප්‍රතිකාර ලබාදුන් බවය.