by Staff writer 17-12-2020 | 9:57 PM
COLOMBO (News 1st) : අදානි ව්‍යාපාර සමූහය ඇතුළු ඉන්දියාවේ මහා පරිමාණ සමාගම්වලට සිය ගොවි බිම් අත්පත් කර ගැනීමට ඉඩ සැලසෙන පරිදි සකසා ඇති නව නීති වෙනස් කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ගොවි ජනතාව ගෙන යන අරගලයට සහය පළ කරමින් තවත් ප්‍රදේශ රැසක විරෝධතා ඇරඹී තිබේ.
මේ ගොවි සටනට සහභාගී වෙමින් සිටියදී මියගොස් ඇති ගොවීන් සංඛ්‍යාව 21 කි.
අදානි සමූහ ව්‍යාපාරය ඇතුළු මහා පරිමාණ සමාගම් සිය ව්‍යාපාරික බලය භාවිත කරමින් දුප්පත් ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය ද උදුරාගනු ඇතැයි ගොවීන් බියවීම මේ විරෝධය උත්සන්න වීමට හේතුවක්ව තිබේ.
ඉන්දියාවේ ගොවි විරෝධතා ජාතික මට්ටමේ ප්‍රශ්නයක් වනු ඇතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශ කළේ ය.
ඒ , ගොවි විරෝධතා තවදුරටත් උත්සන්න වන පසුබිමකදී ය.
රජය යම් කඩිනම් පියවරක් නොගතහොත් ගොවි විරෝධතා හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ඉන්දීය ශේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
රජය සමග පවතින සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වීම හමුවේ ඉන්දියාවේ ගොවි ජනතාව අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරත වේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ, විරෝධතාවට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි නියෝජිත කණ්ඩායම් පත්කර රජය සමග සාර්ථක සාකච්ඡා පවත්වා ගැටලු සමනය කර ගන්නා ලෙසය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ , නව නීති සංශෝධන හරහා කුඩා ඉඩම් හිමියන්ට අයත් ගොවි බිම් අදානි සමූහ ව්‍යාපාරය වැනි මහාපරිමාණ ව්‍යාපාර මගින් අත්පත් කර ගනු ඇතැයි ගොවීන් බිය පළ කරන බවයි.
අදානි සහ තවත් ඉන්දියානු සමාගම් සමූහයකට අයත් සේවාවන් සහ පහසුකම් වර්ජනය කිරීමට ද විරෝධතා නායකයින්ගේ අවධානය යොමුවුණේ මේ බිය හේතුවෙන් ය.