දෙන විස්තර බොරු නම් සිර දඬුවම වසර 5 යි

දෙන විස්තර බොරු නම් සිර දඬුවම වසර 5 යි

දෙන විස්තර බොරු නම් සිර දඬුවම වසර 5 යි

කර්තෘ Hashini De Mel

17 Dec, 2020 | 12:00 pm

COLOMBO (News 1st) – ව්‍යාජ තොරතුරු ලබාදෙන කොරෝනා ආසාදිතයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, PCR පරීක්ෂණ සිදු කිරීමේදී, රෝහලට ඇතුළත් වීමේදී හා අනෙකුත් සෞඛ්‍ය කටයුතුවලදී ව්‍යාජ ලිපිනයන්, ව්‍යාජ නම් ආදිය ලබා දෙන බවට පසුගිය සමයේ තොරතුරු වාර්තා වූ බවය.

එසේ ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට එරෙහිව, රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීම, කූඨ ලේඛන සැකසීම, වංචා කිරීම යන සියලු චෝදනා සමග නිරෝධායන රීතින් යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එවැනි චෝදනාවන්ට වරදකරුවන පුද්ගලයෙකුට අවුරුදු 5 දක්වා කාලයක, දෙයාකාරයකින් බන්ධනාගාරගත කර දඬුවම් කිරීමේ හැකියාව පවතින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]