කොරෝනා රෝගියා සෙවීමට පොලීසිය මහජන සහය පතයි

රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

by Sagarika Chathumali 16-12-2020 | 12:17 PM

COLOMBO (News 1st) :වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා තිබේ.

ඉතත ඡායාරූපයේ සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලිස් ස්ථානාධිපති මහබාගේ - 071 - 8591597

හදිසි ඇමතුම් අංශය - 0112433333 / 119

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ව්‍යාජ ලිපිනයකින් රෝහල්ගත වී ඇති බවයි. ක්ෂය රෝගියෙකු වන 43 හැවිරිදි එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට සොයාගෙන ඇති අතර සැකකරු සොයා මහබාගේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.