මෙරටින් තවත් කොරෝනා මරණ 3ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි

by Sagarika Chathumali 16-12-2020 | 9:59 AM

COLOMBO (News 1st) : මෙරටින් තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

එම මරණ වාර්තා වී ඇත්තේ, කොළඹ 14, කොළඹ 15 යන ප්‍රදේශවලිනි. කොළඹ 14 ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය 14 වනදා මියගොස් තිබේ. කොළඹ 15 ප්‍රදේශයෙන් වාර්තාවන මරණ දෙක අතරින් 85 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර පසුගිය 12 වන දා ඔහු නිවසේදී මියගොස් ඇත. මියගොස් ඇති අනෙක් ආසාදිතයා 84 වැනි වියේ පසුවන පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ, ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ය. මෙලෙස  වාර්තාවූ  කොවිඩ් මරණ තුනට ම හේතුව ලෙස දැක්වෙන්නේ, කොවිඩ්  නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 157 දක්වා ඉහළ යනු ඇති.