මහර රැඳවියන් 4 දෙනාගේ සිරුරු ආදාහනයට නියෝග

UPDATE : ඥාතීන්‌ගේ ඉල්ලීම ඉවතට... මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

by Sagarika Chathumali 16-12-2020 | 12:55 PM
COLOMBO (News 1st) : මහර  බන්ධනාගාර රැඳවියන් 4 දෙනාගේ සිරුරු භූමදානයට ඥාතීන් කළ ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.  ඒ අනුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ, අදාළ සිරුරු අද සහ හෙට ආදාහනය කිිිිිිරීමට පියවර ගන්නා ලෙසයි. පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර තිබූ  රැඳවියන් 4 දෙනාගේ  මළ සිරුරු අදාහනය කිරිමෙන් තොරව භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන්නැයි, එම රැඳවියන්ගේ ඥාතීන්  අධිකරණයෙන් ඉල්ලා සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව ඊට දැඩිව විරෝධය පළ කළේ ය. අධිකරණය පත් කරනු ලැබූ විශේෂඥ මණ්ඩලයක් විසින් මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකළේ ය. මේ අතර මහර බන්ධනාගාර නොසන්සුන්තාවයේදී රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇතැයි, ද විද්වත් කමිටුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. පසුගිය නොවැම්බර් 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.