by Sagarika Chathumali 16-12-2020 | 5:04 PM
COLOMBO (News 1st) : මහා බ්‍රිතාන්‍යයේ 140,000කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවකට අද වනවිට කොරෝනා එන්නත ලබා දී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු අයර්ලන්තයේ වයස අවුරුදු 90ක කාන්තාවකට පළමු එන්නත ලබා දෙමින් පසුගිය 8 වනදා බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත් වැඩසටහන් ආරම්භ කළේ ය.
අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.
කෙසේ වෙතත් එන්ත ලබා ගැනීම බ්‍රිතාන්‍ය වැසියන්ට අනිවාර්ය නොවේ.
එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එන්නත් වැඩසටහන ආරම්භ කර දින 7ක් ඇතුළත එංගන්තයේ 108,000, වෙල්සයේ 7,897 ක් උතුරු අයර්ලන්තයේ 4,000, ස්කොට්ලන්තයේ 18,000 ක් වශයෙන් පුද්ගලයින් 137,897 දෙනෙකු එන්නත ලබා ගෙන ඇති බවයි.
මෙය යහපත් තත්ත්වයක් බවත් ඉදිරි දින කිහිපයේ මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.