කොළඹ ප්‍රදේශ 33කින් ආසාදිතයින් 309ක්

ගෙවී ගිය දිනයේ ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 16-12-2020 | 8:37 AM

COLOMBO (News 1st) : ගෙවී ගිය පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 34,121 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් 309 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 33කින් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 69 දෙනෙකු ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයෙන්  ද තවත් ආසාදිතයින් 62 දෙනෙකු මට්ටක්කුලියෙන් ද වාර්තාවී තිබේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15කින් ආසාදිතයින් 104 දෙනෙකු වාර්තා වී තිබේ. ගම්පහ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාවී ඇත්තේ, මහර  ප්‍රදේශයෙන්  වන අතර එම සංඛ්‍යාව 68කි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පසුගිය දිනයේ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 28කි. පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ වාර්තාවී නොමැත. මේ වනවිට ආසාදිතයින් 24,867 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ‌ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 9100ක් පමණි. වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.