වැලිසරින් පැන්න කොරෝනා ආසාදිතයා මරදානෙන් හමුවෙයි..

වැලිසරින් පැන්න කොරෝනා ආසාදිතයා මරදානෙන් හමුවෙයි..

by Staff writer 16-12-2020 | 5:47 PM

COLOMBO (News 1st) - වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය ක්ෂය රෝගය වැළඳුණු කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද(16) පස්වරුවේ සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා යළිත් වැලිසර ලය රෝහලට යොමු කළ බවයි. 43 හැවිරිදි එම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව ද පොලීසිය සඳහන් කළේය. ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.