ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී..

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී..

by Chathuranga Rajapaksha 16-12-2020 | 10:37 PM

News 1st - ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ, අවසන් මහා තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලබා ගැනීමත් සමගිනි. හම්බන්තොටදී පැවති තරග⁣යේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගැනීමට සමත් විය. නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.