COLOMBO (News 1st) : පුහුණු ගුවන් යානය අනතුරට ලක්වූ කන්තලේ, සුරියපුර ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායමක් හා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර යැවූ බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.
එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ සුරියපුර ප්‍රදේශයේදී අනතුරට ලක්විය.
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ යානය සබඳතා බිඳ පියාසර කරමින් තිබුණේ, කන්තලේ සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.
