තත්තලට Lockdown වෙනවද ? නැද් ද? කියා තීරණය වෙන්නේ ජනතාවගේ කැපවීම මතයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 15-12-2020 | 7:28 PM

COLOMBO (News 1st) - කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උත්සව සමයේ නැවතත් සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් මතුවී තිබේ ද?

මේ පිළිබඳව අද පාර්ශ්ව කිහිපකින් අප විමසීම් කළෙමු. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා,
මේ සම්බන්ධ අවසන් රැස්වීම දැන් දවස් 2 කට කළින් පැවැත්වුණා. එහිදී නිරන්තරයෙන් සාකච්ඡා වුණ කාරණය තමයි දැන් අපි ජනතාවගේ බලන්න ඕනේ සහනශීලිව ඒ වගේම අපි බලන්න ඕනේ රෝගය මැඩපැවැත්වීමට පියවර ගන්න ඕනේ. දැන් අද 15 වැනි දා අද වෙනකනුත් එහෙම තීරණයක් අරන් නෑ. නත්තල් කාලෙට අවුරුදු කාලෙට රට ලොක්ඩවුන් කරන්න කියලා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු කවුරු හරි කට්ටියක් හෙට කොහොහරි ලොකු පාටියක් දාලා සාදයක් දාලා සෞඛ්‍ය අංශවලට කියන්නේ නැතිව පොලීසියට කියන්නේ නැතිව පාටියක් දාලා කොහේහරි ඇතුලක. ඒකට එනවා කෝවිඩ් හැදිච්ච දෙන්නෙක් අහු වෙනවා දැන් අපිට වෙනවා ඒ දැපු තැනයි ඒ ප්‍රදේශයයි හුදකලා කරන්න. අපි විශ්වාස කරනවා එහෙම තීරණයක් ගන්න වෙන එකක් නෑ. හැබැයි යම් ප්‍රදේශයක ජනතාවගේ කැපවීම මත තමයි ඒ ප්‍රදේශ වැහෙනවා ද ඇරෙනවා ද කියලා තීරණය වෙන්නේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
ඒ රෝගය සමාජයේ තිබුණ පලියට සමාජගතවීම කියන විද්‍යානුකූල නිර්වචනයට ඒක අදාළ වෙන්නෙ නෑ. මේ සොයාගන්නා රෝගීන්ගෙන් වැඩි කොටසක් තවත් රෝගියෙකු හා සම්බන්ධවීමට තිබෙන බවට අපිට සියලු පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් ඒ තත්ත්වය යටතේ තමයි අපි මේක තවදුරටත් පොකුරක් විදියට කටයුතු කරන්නේ. අපි පාලන කටයුතු කරන්නේ ඒ පදනමින්. එහෙම නැතිව සමාජයෙන් මතුවෙනවාය කියන පදනමින් කළොත් එහෙම අපේ සම්පූර්ණ පාලන ක්‍රියාවලිය වෙනස් කරන්න සිද්ධ වෙනවා.ඒක කරන්න තරම් කාලය නෙමෙයි කියලා තමයි සියලු දෙනාගේ මතය වෙලා තියෙන්නේ. අපි පටන් ගන්නකොට තිබුණු මිනුවන්ගොඩ ප්‍රදේශය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියෙනවා. ඒ හරහා අපි හිතනවා මොන තරම් දරුණු තත්ත්වයකට ලෝකය පුරා මේ රෝගය පැතිරුණත් අපිට ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.