by Staff writer 15-12-2020 | 2:58 PM
COLOMBO (News 1st) - එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයේදී අනතුරකට පත්ව තිබේ.
අදාළ යානය පියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු විසිනි.
එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.
යානය පියාසර කර ඇත්තේ, ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.
යානය සමග සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ, කන්තලේ, සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.