by Staff writer 14-12-2020 | 10:22 PM
COLOMBO (News 1st) – හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ පියා වන අභාවප්‍රාප්ත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(14) මාතරදී සිදු කළේය.
කලක් රෝගීව සිටි ඩන්ස්ටන් ජයසූරිය මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ උදෑසන අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 80කි.
මාතර පිහිටි නිවසට ඊයේ පස්වරුවේ දේහය රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ රාත්‍රියේ ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විය.
දෙදරු පියෙකු වන ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කළේ මාතර නාගරික සුසාන භූමියේදීය.