බැසිල් දකුණෙන් වැඩ අරඹයි..

"වැඩ සමග යළි ගමට" - බැසිල් දකුණෙන් වැඩ අරඹයි..

by Staff writer 14-12-2020 | 9:06 PM

COLOMBO (News 1st) –

  “වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ දකුණු පළාත් කමිටු සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාතරදී පැවැත්විය. ගම සමග පිළිසඳරක් තුළින් හඳුනා ගත් කරුණු මෙවර අයවැයට ඇතුළත් වූ අතර එම යෝජනා ක්‍රියාත්මක කිරීම "වැඩ සමග යළි ගමට" වැඩසටහන තුළින් සිදුවෙයි. රුහුණු විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ අද පැවති දකුණු පළාත් කමිටු සාකච්ඡාවට පළාතේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටිය හ. ලබන වසරේදී ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නගාසිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා මෙම වැඩසටහන සමග උපරිම කැපවීමෙන් එක්වන්නැයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී දකුණු පළාත් දේශපාලන නායකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.