"ජෙමිනිඩ්" උල්කාපාත වර්ෂාව අද දිනයේදීත්..

"ජෙමිනිඩ්" උල්කාපාත වර්ෂාව අද දිනයේදීත්..

by Staff writer 14-12-2020 | 2:57 PM

COLOMBO (News 1st) - "ජෙමිනිඩ්" උල්කාපාත වර්ෂාව ඊයේ රාත්‍රියේ දැක ගැනීමේ අවස්ථාව උදාවිය.

"ජෙමිනිඩ්" උල්කාපාත වර්ෂාව ඊයේ සහ අද දිනයේ ද දැක බලාගැනීමේ අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාන්ඥයින් පෙන්වා දී තිබේ. මෙම උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව ඊයේ රාත්‍රී 9.00ත් - 10.00ත් අතර දර්ශනය වී තිබුණි. අලුයම 2.00ත් 4.30ත් අතර වයඹ දිග අහසේ මෙම "ජෙමිනිඩ්" උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ජෙමිනි හෙවත් මිථුන රාශිය පිහිටි ප්‍රදේශයේ සිට මෙම උල්කා වර්ෂාව ඇදහැලෙන බැවින් ජෙමිනීඩ් යනුවෙන් එය හැඳින්වේ. එය, මෙම වසරේ පැහැදිලිවම දැකගත හැකි උල්කා වර්ෂාව බව ද සඳහන් වේ.