ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගනී

ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගනී

by Staff writer 14-12-2020 | 6:47 PM

COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණියේ ය.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව ජනාධිපතිවරයා පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.