ගෙවුණු දවසේ කොරෝනා ආසාදතයින් වාර්තා වූ ප්‍රදේශ...

ගෙවුණු දවසේ කොරෝනා ආසාදතයින් වාර්තා වූ ප්‍රදේශ...

by Sagarika Chathumali 14-12-2020 | 11:13 AM

COLOMBO (News 1st) - ගෙවුණු දිනයේ (13) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 655දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන් පුද්ගලයින් 650 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි. ඉතිරි ආසාදිතයින් 5 දෙනා හඳුනාගෙන ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරිනි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වන ආසාදිතයින් 444 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.   ඊට අමතරව ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 75 ක් සහ 41 ක් ලෙස වාර්තා වේ. ඉතිරි ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. පසුගිය පැය 24 තුළ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 489 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටවගොස් ඇත. අද උදෑසන වනවිට තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ අතර එම මරණ වාර්තා වූයේ කොළඹ 10, වත්තල සහ මාතලේ යන ප්‍රදේශවලිනි ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ යනු ඇති. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 32790 දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව8845 කි. සමස්ත ආසාදිතයින් අතරින් මේ වනවිට පුර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව ආසාදිතයින් 23793 වේ. නිරෝධායන මධ්‍යස්ථාන 76ක පුද්ගලයින් 7211ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (13 ) දිනය තුළ මෙරට සිදුකර ඇති PCR සංඛ්‍යාව 15239කි