by Staff writer 13-12-2020 | 9:56 AM
COLOMBO (News 1st) – විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 594 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ, ඉන් 144 දෙනෙකු ඩුබායි සිට සහ 51 දෙනෙකු කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි බවයි.
ජපානයේ නරිතා සිට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව 203 කි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ද පුද්ගලයන් 75 දෙනෙකු ද පැමිණ තබේ.
මාලදිවයිනේ මාලේ නුවර සිට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව 31 කි.
එලෙස පැමිණි පිරිස PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරීමට කටයුතු කර තිබේ.