වැලි, පස් කැපීමේ බලපත් නිකුත් කිරීමේදී දැඩි අවධානය

වැලි, පස් කැපීමේ බලපත් නිකුත් කිරීමේදී දැඩි අවධානය

by Staff writer 13-12-2020 | 1:20 PM

COLOMBO (News 1st) – ක්ෂේත්‍ර පරීක්ෂාවකින් තොරව ගොඩ ඉඩම්වල වැලි සහ පස් කැණීමට බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ තීරණය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, මෙම බලපත්‍ර පොල් ඉඩම් විනාශ කිරීමට යොදා ගන්නා බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙම පියවර බවයි . වයඹ පළාතේ පොල් ඉඩම් විනාශ කෙරෙමින් සිදු කෙරෙන මෙම ජාවාරම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයටද උපදෙස් දී තිබේ. නිසරු පොල් ඉඩම්වල වුවත් වැලි සහ පස් කැණීමට අවසර ඉල්ලන්නේ නම් , හිතාමතා පොල් ඉඩම් නිසරු වීමට ඉඩ හැර ඇතිදැයි යන්න විමසා බලා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට උපදෙස් දුන්නේ ය. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , මෙම තත්ත්වය වර්තමානයේ වාර්ෂික පොල් ඵලදාව කෙරෙහි මෙන්ම පොල් මිල ඉහළ යාමට ද බලපා ඇති බවයි .