රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 380 ක්

රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 380 ක්

by Staff writer 13-12-2020 | 12:27 PM

COLOMBO (News 1st) – රාජ්‍ය පරිපාලන සේවයේ පුරප්පාඩු 380 ක් පමණ පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ, ඒ අතර ප්‍රාදේශීය ලේකම්වරුන් රැසක් ද සිටින බවයි. ජනවාරි මාසයේදී නවක නිලධාරීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනෙන බව ද ඔහු සඳහන් කළේ ය. ඊට අදාළ විභාග කටයුතු මේ වනවිටත් අවසන් ය. ඒ අනුව ලබන ජනවාරී මාසයේදී ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.