මැතිවරණ කොමිසම ලබන 17 වැනිදා රැස් වෙයි

මැතිවරණ කොමිසම ලබන 17 වැනිදා රැස් වෙයි

by Staff writer 13-12-2020 | 8:20 AM

COLOMBO (News 1st) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලබන 17 වැනිදා ප්‍රථම වරට රැස්වෙයි.

ඒ, කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය. පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. එම්.එම් මොහොමඩ්, එස් බී දිවාරත්න, කේ පී පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් ය. පසුගිය 10 වැනිදා කොමිසමේ සාමාජිකයින් නිල වශයෙන් රාජකාරී ආරම්භ කළේ ය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පසුගියදා මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දුන්නේ ය.