by Staff writer 13-12-2020 | 11:53 AM
COLOMBO (News 1st) – ඕනෑම භාණ්ඩයක් නිවසට ගෙන්වා ගැනීමේදී එහි වටිනාකම මුදලින් ගෙවා ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් තැපැල් දෙපාර්තමේන්තුව හදුන්වා දී තිබේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, රුපියල් 50,000 ක් දක්වා වන වටිනාකමක් සහිත භාණ්ඩ පමණක් එලෙස ලබාගැනීමට පළමුව අවස්ථාව හිමිවන බවයි.
ඉදිරියේ දී රුපියල් 50,000 ඉක්මවූ වටිනාකමක් සහිත භාණ්ඩ එලෙස මිලදී ගැනීම සඳහා ද ක්‍රමවේදයක් සකස් කෙරෙන්නේ රක්ෂණයක් ද සහිතවයි.
මිට පෙර පැවති ක්‍රමයට අනුව භාණ්ඩය මිලදි ගන්නා පුද්ගලයා තැපැල් කාර්යාලයට පැමිණ එය ලබාගත යුතුව තිබූ බව තැපැල්පතිවරයා සඳහන් කළේ ය.