නිරෝධායන නීති කැඩූ 60 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 60 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 13-12-2020 | 11:03 AM

COLOMBO (News 1st) – නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 60 දෙනෙකු පැය 24 ක් තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මුව ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.