අප්‍රේල් 21 ප්‍රහාරය:සාක්ෂි විභාගය අනිද්දා අවසන්

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විභාගය අනිද්දා අවසන්..

by Staff writer 13-12-2020 | 7:54 AM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම ලබන අඟහරුවාදා වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිසම පවසයි.

එහි ලේකම් එච්.එම්.කේ හේරත් මහතා සඳහන් කළේ, මේ වනවිටත් කොමිසමේ වාර්තාව සකස් කරමින් පවතින බවයි. වාර්තාව ලියා අවසන් වූ වහාම එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ලේකම්වරයා සඳහන් කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, දේශපාලඥයින්, පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් මේ වනවිට සාක්ෂි ලබාගෙන තිබේ.